FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී.ල.පො.පෙ ජාතික සමුළුව අද (11)

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව අද පස්වරු 3.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම සමුළුව සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමීම මෙම සමුළුවේ දී සිදු වන අතර ඔහු විසින් එම පෙරමුණේ ජනපති අපේක්ෂකයා පිළිබද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.