FAST NEWS

24×7 Around the Globe

හක් බෙල්ලන් තොගයක් නාවික හමුදා භාරයට

(ෆාස්ට්නිව්ස්|පුදුමාතලන්) – නාවික හමුදාව විසින් පුදුමාතලන් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හක් බෙල්ලන් 388 ක් සොයා ගැනීමට සමත්ව තිබේ.

ඒ අනුව නැගෙනහිර නාවික විධානය විසින් සිදු කල සෝදිසි කිරීමකදී පුදුමාතලන් ප්‍රදේශයේ ධීවර වාඩියක් අසල වැලි යට සඟවා තිබූ මෙම හක්බෙල්ලන් තොගය මෙලෙස සොයා ගෙන ඇති අතර, නාවික හමුදාව සොයා ගන්නා ලද හක් බෙල්ලන් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මුලතිව්, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, ධිවර හා ජලජ සම්පත් පනතට අනුව මිලි මීටර් 70 ට වඩා අඩු විශ්කම්භයකින් යුතු හක්බෙල්ලන් සන්තකයේ තබා ගැනීම, මිලදී ගැනීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, විකිණීම, ප්‍රවාහනය කිරීම හෝ අපනයනය කිරීම සම්පුර්ණයෙන් තහනම් කර ඇත.