(ෆාස්ට්නිව්ස්|රත්නපුර) – පැල්මඩුල්ල ප්‍රදේශයේ ආයතනයකින් රුපියල් කෝටි 3 ක මැණික්, මුදල් සහ රන් ආභරණ කොල්ලකෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පැල්මඩුල්ල මහේස්ත්‍රාත් රසාංජලී පෙරේරා ඊයේ නිකුත් කළ නියෝගයකට අනුව මෙලෙස බන්ධනාගාර ගත කෙරුණේ ගුරුවරුන් සහ හිටපු හමුදා සෙබළුන් ඇතුලූ පස් දෙනෙකි.
පසුගිය 28 වනදා පැල්මඩුල්ල ප්‍රදේශයේ ආයතනයකට පැමිණි සැකකරුවන් පිරිසක් එහි තිබූ රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමකින් යුත් මැණික් ගල් 604ක්, මුදලින් රුපියල් හාරලක්ෂ 47,000 ක් සහ රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ පවුම් 62 ක්, සොරාගෙන පලා ගොස් තිබුණි.








