FAST NEWS

24×7 Around the Globe

වැසි සහ සුළං අඛණ්ඩව

(ෆාස්ට්නිව්ස් |කොළඹ) – උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (70-80) දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු හෝ දළ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක.

උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල අගෝස්තු මස 11 වන දින දක්වා ධිවර සහ නාවුක කටයුතුවල යෙදීම අනතුරුදායක බව දැනුම් දෙනු දෙයි.

මන්නාරම සිට පුත්තලම සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ අංශය සඳහන් කරයි.