(ෆාස්ට්නිව්ස් |කොළඹ) – ඉන්ධන මිල සුත්‍රයට අනුව සිදුවන මාසික මිල සංශෝධනය අද සිදු නොවන බව මුදල් අමාත්‍යංශය පවසයි.
මුලද් අමාත්‍යංශය සඳහන් කළේ මිල සුත්‍ර කමිටුව ලබන අගහරුවාදා රැස්වන බවයි.
ඒ අනුව එදිනට මෙම මාසයට අදාල ඉන්ධන මිල සංශෝධනය සිදුවනු ඇත.
මාසික ඉන්ධන මිල සුත්‍රයට අනුව පසුගිය ජුලි මාසයේදී ඉන්ධන මිල අඩු කෙරුණි.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2 කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 5 කින්ද අඩු කිරීමට රජය පියවර ගත්තේය.
කෙසෙවෙතත් පසුගිය මාසයේ ඉන්ධන මිල සුත්‍රයට අනුව ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවීය.








