නව රජයේ අමාත්‍ය මණ්‌ඩලය පත්කරන ආකාරය ජනවාරි 8 වැනිදා ජයග්‍රහණයෙන් පසු ඇති කර ගත් සම්මුතියටත් 19 වන ව්‍යවස්‌ථාවටත් පටහැනිව සිදුවන බැවින් තමන් වහන්සේ එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසයි.
මේ රටේ ජනතාව නව රජයට පක්‌ෂව ඡන්දය දුන්නේ අමාත්‍ය මණ්‌ඩලය 30 කට සීමා කරන බවට කරන ලද ප්‍රකාශය අනුවයි.
මේ අමාත්‍ය මණ්‌ඩලය මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයාගේ අමාත්‍ය මණ්‌ඩලයට නොදෙවැනි බවද සෝභිත හිමියෝ තවදුරටත් පෙන්වා දී ඇත.
කෙසේවෙතත් අමාත්‍යවරුන් පත් කළාම ඒ අයගේ කාර්ය මණ්‌ඩල හා අනෙකුත් පහසුකම් ලබාදෙන්න විශාල මුදලක් වැය බවත් මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයාගේ රජය වෙනස් කරලා යහපාලනයකට රට භාර දුන්නේ එවැනි මුදල් නාස්‌ති නැතිකර ගැනීමටදැයි ද උන්වහන්සේ පවසා තිබේ.
මේ සිදුවන දේ අනුව ආණ්‌ඩුවේ ඉදිරි ගමන අවිනිශ්චිත බවද තමන් මේවා පිළිකුලෙන් හෙළා දකින බවද උන්වහන්සේ සඳහන් කර ඇති බවට වාර්වේ.







