(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙවිනුවර – ශ්‍රී විෂ්ණු දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය හේතුවෙන් මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ විෂ්ණු දේවාලය ඉදිරිපිට මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි.
අද (09) සිට ලබන 12 වනදා දක්වා රාත්‍රී 09 දක්වාත්, 13 සහ 14 යන දිනවල පස්වරු 03 සිට රාත්‍රී 11 දක්වාත් රථ වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය ප්‍රකාශ කර සිටින අතර , අදාළ කාල සීමාවේදී විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.








