FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය ෂාෆිට එරෙහි නඩුව දෙසැම්බරයට කල් යයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව දෙසැම්බර් මස 12 වැනිදා දක්වා කල් තැබීමට කුරුණැගල මහේස්ත්‍රාත්වරයා අද (09) නියෝග කළේ සිව් වැනි දිනටත් එම නඩුව අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදීයි.

අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා යටතේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහිව චෝදනා එල්ල වෙයි.

නඩු විභාගය ආරම්භයේදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුවට අදාළව පිටු 12 ක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අතර , විත්තිකාර පාර්ශ්වය හා අගතියට පත් පාර්ශවයද අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව කරුණු සලකා බැලු කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය දෙසැම්බර් මස 12 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කරනු ලැබීය.