FAST NEWS

24×7 Around the Globe

ලබන ඉරිදා තෙක් කොළඹ- කොචින් නගරය අතර ගුවන් ගමන් නවතියි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අයහපත් කාළගුණය හේතුවෙන් ඇතිවූ ජල ගැලීම්වලින් ඉන්දියාවේ කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු ලබන ඉරිදා පස්වරු 03 තෙක් අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ලබන ඉරිදා තෙක් කොළඹ සහ කොචින් නගරය අතර ගුවන් ගමන් ද මේ හේතුවෙන් අත්හිටුවා තිඛේ.

මගීන්ට සිදුවන අපහසුතාවය අවම කරගැනීමට උපරිම පියවර ගෙන ඇති බවත් , ඒ අනුව දැනට කොචි ගුවන් තොටුපළේ සිට කොළඹට පැමිණීමට නොහැකි වී සිටින ගුවන් මගීන් ත්‍රිවේන්ද්‍රම් සහ කොයිම්බතූර් ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අමතර ගුවන් වාර කිහිපයක් සැලසුම් කෙරෙමින් පවතින බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු කියා සිටියේය.