FAST NEWS

24×7 Around the Globe

නිධන් හොරුන් සිව් දෙනෙක් පොලිස් අත්අඩංගුවට

 

(ෆාස්ට් නිවුස් | කොළඹ ) – නිධන් සොයා කැනීම් කරමින් සිටි පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.

ඒ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ කොටවෙහෙරගල ප්‍රදේශයේ ඇල රක්ෂිතයකයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී කැනීම් උපකරණ සහ පූජා භාණ්ඩ රැසක් ද පොලිස් බාරයට ගෙන ඇති අතර ඔවුන් විසින් පුද පුජා පවත්වමින් මෙලෙස කැනීම් කටයුතු සිදු කර තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් වැල්ලවාය, පස්සර සහ කොළඹ යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 37,41,46 සහ 52 යන වයස් වල පසුවන්නන් වන අතර අද දින ඔවුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.