(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හැටන් නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ පිහිටි ලංකා බැංකුව සතු සංචාරක බංගලාවක ඊයේ (08) පස්වරුවේ හටගත් ගින්නනික් එම බංගලාවේ දේපළ රැසකට විශාල හානියක් සිදුව ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් සිදුවූ අලාභය ද මෙතෙක් තක්සේරු කර නොමැති බව නෝර්වුඩ් පොලිසිය පැවසීය.
මෙම සංචාරක බංගලාවේ උඩු මහලේ වහල මත බැද තිබූ බඹර කූඩුවක් පුළුස්සා විනාශ කිරීමට යාමෙන් මෙම ගින්න හටගෙන ඇති බවට ප්‍රදේශවාසීන් පැවසුවද එවැනි පැමිණිල්ක් හෝ තොරතුරක් තමන් වෙත ලැබී නොමැති බව ගින්න පිලිබදව පරීක්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය පැවසීය.
ගින්න පාලනය කිරීම සදහා හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකය , නොර්වුඩ් පොලිසිය සහ ප්‍රදේශවාසීන් දැඩි උත්සහයක නිරත වීමෙන් පසුව ගින්න පාලනය කිරීමට සමත් විය.
මෙම සංචාරක බංගලාව වසර 100 කට වඩා ඉපැරණි අතර , එය වර්තමානයේ ලංකා බැංකුව සතු දේපලක් බවයි පැවසෙන්නේ.
සිද්ධිය පිලිබදව නෝර්වුඩ් පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.








