(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා කථන හැකියාව සංවර්ධනයට ඇමරිකානු ස්වෙච්ඡා ගුරුවරුන්ගේ සේවය ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
එම අමාත්‍යාංශය සඳහන් කළේ ඊයේ (08) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ ඇමරිකානු තානාපති අලෙයිනා බී ටෙප්ලිස්ට් අතර හමුවේදී මේ පිළිබඳව අවධානය යොමුවූ බවයි.
2020 සිට ඇමරිකානු ස්වෙච්ඡා ගුරුවරුන්ගේ සේවය ලබාදීමට කැමැත්ත පළ කර ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පළමු අදියරය වශයෙන් ගුරුවරුන් 30 දෙනෙකුගෙන් ආරම්භ කර 150 දක්වා ඉහළ නංවනු ඇති .
දුෂ්කර පළාත්වල සිසුන්ගේ ඉංගී‍්‍රසි අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා ඊට අදාළ ගුරුවරුන් යොදවන එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.








