(ෆාස්ට් නිවුස් | කොළඹ) – දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල දැනට පවතින සුළං තත්ත්වය හෙට දින (10) සිට අඩු වීමේ අපේක්‍ෂාවක් ඇති බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව නිවේදනය කරයි.
උතුරු, උතුරුමැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය, කොළඹ සහ ගම්පහ දිස්තික්කවලත් සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී සුළඟේ වේගය පැ.කි.මී. (60-65) දක්වා ක්ෂණිකව ඉහල යාමේ වැඩි හැකියාවක් පවතී.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මන්නාරම, යාපනයසහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවලද සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා ඉහල යා හැක.
බස්නාහිර, මධ්‍යම,වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් අපේක්ෂා කල හැකි බව එම දෙපර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.








