(ෆාස්ට්නිව්ස් |කොළඹ) – පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අද (09) සිට මාධ්‍යයට විවෘත කරන බව පාර්ලිමේන්තුව පවසයි.
මෙතෙක් කෝප් කමිටු සාකච්ඡා අභ්‍යන්තර සභා සාකච්ඡා ලෙස පැවැත්වුණු අතර එහි කටයුතු ජනතාවට හෙළි නොකළේය.
නමුත් අද සිට කෝප් කමිටුවේ කටයුතු පාර්ලිමේන්තු විකාශය ඔස්සේ සජීවීව දැකගත හැකිවේ.








