(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කාම්බෝජ රජු අතර හමුවක් අද (08) පැවැත්වුනු අතර , එහිදී කාම්බෝජය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම කෙරෙහි දෙරටෙහි නායකයින්ගේ අවධානය යොමුවී ඇත.
වෙළද , ආර්ථීක , ආයෝජන , බුදුදහම සහ සංස්කෘතික අංශයන්ගෙන් දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමුවු බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.














