FAST NEWS

24×7 Around the Globe

කෝප් කමිටුව හෙට (09) සිට මාධ්‍යයට විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (09) දිනයේ සිට කෝප් කමිටුව ඇතුළු ආංශික අධීක්ෂණ කාරක සභා කමිටුව මාධ්‍යයට විවෘත කිරීමට තීරණය කර තිබෙන බව කථානායකවරයා පවසයි.

කථානායකවරයා අද(08) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ  හෙට සවස 2.30ට කමිටුව රැස්වෙන අවස්ථාවේ සිට එහි වැඩකටයුතු මාධ්‍යයට විවෘත වනු ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද සහ බලතල පනත යටතේ අදාළ සංශෝධන සිදු කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව කෝප් කමිටුවේ විමර්ශන කටයුතු සියල්ල ඉදිරියේ දී මාධ්‍යයට ලබා දීමට මෙයින් අවසර හිමිව තිබේ.