FAST NEWS

24×7 Around the Globe

ප්‍රති ආසාත්මික ඖෂධ උන රෝගීන්ට දීමෙන් වලකින්න – සෞඛ්‍ය අමාත්‍යංශය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උණ රෝගයෙන් පෙලෙන පුද්ගලයින්ට සහ ඩෙංගු රෝගීන්ට ඇස්ප්‍රින් ඇතුලු ප්‍රති ආසාත්මික වේදනානාශක ඖෂධ රෝගි තත්වය උත්සන්න වීම භාවිතයෙන් වළකින්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කර තිබේ.

රෝගීන්ට එවැනි ඖෂධ ලබා දීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය වෛද්‍යවරුන්ට උපදෙස් ලබා දී ඇත.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ප්‍රති ආසාත්මික වේදනානාශක ඖෂධ වර්ග කිහිපයක් භාවිතා කිරීමෙන් උන රෝගීන්ගේ රෝගි තත්වය උත්සන්න වීම පිළිබද වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ උණ තත්වය තිබියදි එම ඖෂධ භාවිතයෙන් රෝගියා ඩෙංගු රෝගියෙකු නම් රෝගය උත්සන්න වී මාරාන්තික වීමට ඉඩකඩ පවතින බවයි.