FAST NEWS

24×7 Around the Globe

නිල සංචාරයක් සදහා ජනපති අද (07) කාම්බෝජයට

   

(ෆාස්ට් නිව්ස් |කොළඹ ) –  සිවුදින නිල සංචාරයක් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07) කාම්බෝජය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

කාම්බෝජ රජු නොරෝඩොම් සිහාමෝනි මහතාගේ ආරාධනා අනුව ජනපතිවරයා මෙම සංචාරයට එක්ව තිබේ.

මෙම සංචාරයේදී  ජනපතිතුමා කාම්බෝජ රජු, අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නායකයන් සමග සාකච්ඡා පවත්වනු ඇත.

එමෙන්ම මෙම සංචාරයේදී දෙරට අතර ද්විපාර්ශ්වීය ගිවිසුම් කිහිපයකට එක්වීමට නියමිතව ඇති බවත් වාර්තා වෙයි.