FAST NEWS

24×7 Around the Globe

රුහුණු සරසවියේ සිසුන් පිරිසක් රක්ෂිත බන්ධනාගාරයට

 

(ෆාස්ට් නිව්ස් |කොළඹ ) –  රුහුණු විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුට ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවක වධය දුන් බව කියන එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ජේෂ්ඨ සිසුන් 19 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ඒ අනුව ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්ඉසුරු නෙත්තිකුමාර මහතා ඊ⁣යේ (06) නියෝග කළේය.

සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කළ පසු බන්ධනාගාරයට රැගෙන යාමට පෙර අධිකරණ සිර මැදිරිය තුළදී හදීසියේම සිසුවකු අසනීප වී ඇත.

ඉන් පසුව අදාල සිසුවා ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් ඇතුළත් කර තිබේ.

බන්ධනාගාර නිලධාරීන් භාරයේ එම සිසුවා ප්‍රතිකාරලබන බව එම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පැවැත්වෙන බැවින් සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටියේය.