FAST NEWS

24×7 Around the Globe

හෙද සේවාවට අලුතින් 1603 දෙනෙකු බදවා ගැනේ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ගෙන තිබෙන පියවරයන්ට අනුව , 2015 ඒ තුන් වන ශ්‍රේණියේ හෙද නිලධාරීන් 686 කට පත්වීම් ප්‍රදානය හා පශ්චාත් ප්‍රාථමික හෙද විදුහලේ වාට්ටු කළමනාකරණය හා අධීක්ෂණය පිළිබද පුහුණුවට 802 ක්, මහජන සෞඛ්‍ය හෙදකම සහ වින්නඹු කර්මය පිළිබද පුහුණුවට 115 ක් වශයෙන් පුහුණුවට බදවා ගැනීමේ ලිපි ප්‍රදානය කිරීමට නියමිතව ඇත.

පත්වීම් ප්‍රධානෝත්සවය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු (08) එනම් බ්‍රහස්පතින්දා දින අරලියගහ මන්දිරයේ දී සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කටයුතු සංවිධානය කර ඇත.