FAST NEWS

24×7 Around the Globe

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට ජනතාවට දැනුම් දෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අරපිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන ලෙස විදුලි බල අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

විදුලිය නිෂ්පාදනය කෙරෙන බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට බලපා තිබෙන වැසි රහිත තත්ත්වය හේතුවෙන් බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම් පහත යාම ඊට හේතුව බව එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

අදාළ ප්‍රදේශවලට ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී වැසි ඇද හැලෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.

දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශවලද සුළං තත්ත්වයේ වෙනසක් ඇති වන බැවින් එ් පිළිබදව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවෙන් ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.