FAST NEWS

24×7 Around the Globe

රුවන් විජේවර්ධන තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීම ආරම්භයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සාක්ෂි දීම ආරම්භ කර තිබේ.

අද (06) දිනයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි ලබාදීමට නියමිතව තිබේ.

මේ අතර නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශ භාරව සිටි අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩර යන අය ද අද දිනයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.