FAST NEWS

24×7 Around the Globe

එල්.ටී.ටී.ඊ සොල්දාදුවෙකු ඔස්ට්‍රේලියාවේදී පුද්ගල ඝාතනයකට වරදකරු වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2017 වසරේ ඇඩිලේඩ් හිදී පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරිම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ ළමා සොල්දාදුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ඔස්ට්‍රේලියාවේදී පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී තිබේ.

සිද්ධියට අදාල නඩුව ඊයේ (05) එරට අධිකරණයක් හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු වූ ගනේෂමූර්ති ත්‍යාගරාජා එම ඝාතනයට වරදකරු වී ඇති බවත් ඔහුට ඊට අදාල දඩුවම ඉදිරි දිනකදී ප්‍රකාශයට පත් කිරිමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

12 හැවිරිදි වියේදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ ළමා සොල්දාදුවෙකු ලෙස කටයුතු කර ඇති ගනේෂමූර්ති ත්‍යාගරාජා පසුව බෝට්ටු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට පලාගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මොහු ඔස්ට්‍රේලියාවේ නීති විරෝධිව රැදී සිටි පුද්ගලයෙකු බවට ද අදාල නඩු විභාගයේදී අනාවරණය වූ බවයි.