(ෆාස්ට් නිව්ස් |කොළඹ) – අද (06) දිනයේ දිවයිනේ උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ වි දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එසේම දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අගෝස්තු මස 07වන දා සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි .
බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, යාපනය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන බව අදාල නිවේදනයේ සඳහන් වේ.
මීට අමතරව බස්නාහිර, මධ්‍යම,වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක් පමණ තරමක් තද වර්ෂාපතනයන් බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.








