FAST NEWS

24×7 Around the Globe

අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරු තිදෙනෙක් අද (06) කාරක සභාවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද (06) පස්වරු 2.00 ට රැස්වීමය නියමිතය.

අද දිනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත අතර ,  හිටපු නීතිය හා සාමය පිළිබද අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාර මෙන්ම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන ද අද දින කමිටුව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතය.

කාරක සභාවේ අවසන් වාර්තාව අගෝස්තු 23 ලබාදීමටයි මීට පෙර තීරණය කර තිබුණු නමුත් , ඒ පිළිබදව අදහස් දක්වමින් කමිටු සභාපති ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ අවශ්‍ය වුවහොත් අවසන් වාර්තාව නිකුත් කිරීම සඳහා තවදුරටත් කාලය ලබා ගැනීමට සිදුවනු ඇති බවයි.