FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිළධාරීන් 73 කට ස්ථාන මාරුවීම්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 04 දෙනෙකු, පොලිස් අධිකාරීවරුන් 23 දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 24 දෙනෙකුට ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට කටයුතු කර ඇත.

මීට අමතරව තවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 13 දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් 9 දෙනෙකු ස්ථාන මාරු කර යැවීමට ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.