(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයෙන් ඇරඹි පාසල් දෙවන වාර නිවාඩු සමයේදී උඩරට සංචාරය සඳහා අතිරේක දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
ඒ අනුව කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා හෙට (06) දිනයේ සිට ධාවනය කෙරෙනු කෙරෙන අතර , පෙරවරු 7. 05ට එම දුම්රිය කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කර , යළි එම දුම්රිය පසුදින පෙරවරු 7.30 ට බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම විශේෂ දුම්රියට අමතරව තවත් දුම්රිය වාර කිහිපයක් කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය කෙරෙනු ඇත.








