FAST NEWS

24×7 Around the Globe

රත්ගම ව්‍යාපාරිකයින් ඝාතනයේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 17 දෙනා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුගිය ජනවාරි 23 වනදා මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැර ගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමීම සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 17 දෙනාගෙන් 15 දෙනෙකුම දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරින් වන අතර ඉතිරි දෙදෙනා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වේ.