(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය දිනක නිට්ටඹුව – කලගෙඩිහේන ප්රදේශයේදී ප්රාඩෝ රථයකින් සහ ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ වෑන් රථයකට පහරදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ගණිත දේශක දිනේෂ් රුවන් අමරතුංග ඇතුළු සැකකරුවන් 08 දෙනා ඇප මත මුදාහැර ඇත.
මෙම පිරිස අද (05) අත්තනගල්ල ප්රධාන මහේස්ත්රාත් තරංගා රාජපක්ෂ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ නියෝගය නිකුත් කළ අතර , එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට ද නියෝග කළේය.








