FAST NEWS

24×7 Around the Globe

ශිෂ්‍යත්ව උත්තර පත්‍ර පරීක්ෂාව ලබන 15 වනදා සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (04) පැවැත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ලබන 15 වනදා සිට 20 වනදා දක්වා සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්‍රකාශ කළේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා ගුරුවරුන් හයදහසකට වැඩි පිරිසක් යෙදවීමට නියමිත බවයි.