(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (05) ආරම්භ විය.
මේ මස 31 වනදා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වෙන අතර , දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2678 කදී පැවැත්වෙන උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත අපේක්ෂකයින් සංඛ්‍යාව 337,704 ක්.
විභාගය පැවැත්වෙන කාලය තුළ විභාග මධ්‍යස්ථාන අසළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය තහනම් වන අතර, එසේ සිදුකළහොත් නෛතික ප්‍රතිපාදන අනුව නඩු පැවරීමට කටයුතු කරන බව පොලීසිය දැනුම් දෙයි.
එසේම, විභාග මධ්‍යස්ථානවල ආරක්ෂාවට සහ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු පත්‍ර ප්‍රවාහනය සිදුකෙරෙන වාහන සඳහා ද විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.








