FAST NEWS

24×7 Around the Globe

හෙරොයින් සහ මුදල් තොගයක් සමග සැකකාරියක් අල්ලයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකඝ වැටලීමක දී ග්‍රෑන්ඩ්පාස් – ෆර්ගියුසන් පාර – මුවදොර උයන ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම නිළධාරීන්ට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 03 කට වැඩි ප්‍රමාණයක් සහ රුපියල් නවලක්ෂ අසූ පන්දහසකට අධික මුදලක් සොයාගෙන ඇති බවත් සඳහන් වේ.