FAST NEWS

24×7 Around the Globe

හෙට පැවැත්වීමට තිබූ එජාපයේ නව සන්ධානය පිහිටුවීම කල් යයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ කිහිපයක් එක්ව නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීම හෙට (05) පැවැත්වීමට නියමිතව තිබූ උත්සවය කල් දමා ඇති බව වාර්තා වෙයි.

ඊට හේතුව ලෙසට වාර්තා වන්නේ සන්ධාන ගතවීමට නියමිත ව්‍යවස්ථාව පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරය තුළ පවතින මතභේදය මේ වනතුරුත් සමනය නොවීමය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

නව සන්ධානයට අදාල ව්‍යවස්ථාව තවදුරටත් අධ්‍යයනය කරමින් එහි අඩුපාඩු නිවැරදි කරගන්නාතෙක් උත්සවය කල් තැබීමට පක්ෂ නායකයන් එහිදී තීරණය කර තිබේ.