(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබාදෙන්නේ කුමන පාර්ශවයකටද යන්න තීරණයක් ගැනීම සඳහා අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය අද (03) කැදවා තිබූ සාකච්ඡාව ද හෙටට (04) කල් දමා තිබේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
ඒ අනුව එම පක්ෂය හෙට රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි.








