FAST NEWS

24×7 Around the Globe

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අලව්ව සහ පොල්ගහවෙල අතර ප්‍රධාන මාර්ගයේ දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් බාධා එල්ල වී තිබු දුම්රිය මාර්ගය යථා තත්වයට පත්කර තිබේ.

අද පෙරවරු 5.25 ට මෙලෙස කාර්මික දෝෂයකට ලක්වී තිබුණේ පොල්ගහවෙලින් කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල දුම්රියයි.

මේ හේතුවෙන් කොළඹ කොටුව බලා ධාවනය වු සියලු දුම්රිය ප්‍රමාද වී තිබුණේය.