FAST NEWS

24×7 Around the Globe

මිලියන 28ක් වටිනා රත්‍රං තොගයක් සමඟ සැකකරුවන් 9ක් කටුනායකදී අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුපියල් මිලියන 28ක් පමණ වටිනා රත්‍රං තොගයක් සමඟ පුද්ගලයන් 9 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (03) කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ එම රත්‍රං තොගය කිලෝ ග්‍රෑම් 3කට අධික බරකින් යුක්ත වන අතර වැඩිදුර විමර්ශන සඳහා අදාළ පුද්ගලයින් ගුවන් තොටුපළ රේගුව වෙත භාර දී ඇති බවයි.