FAST NEWS

24×7 Around the Globe

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් ඉහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආනයනික කිරිපිටි අගෝස්තු (01) වන දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙන බව පාරිභෝගික අධිකාරිය පවසයි.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින්ද, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිළ රුපියල් 5 කින්ද ඉහළ දැමීමට අවසර ලබාදුන් බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

එම අධිකාරියේ ප්‍රකාශකයෙකු පවසන්නේ මෙම මිල වෙනස් කිරීම කිරිපිටි මිල සංශෝධනය කිරීමේ සූත්‍රයට අනුව සිදුවූ බවයි.

කෙසේවෙතත් මෙම මිළ වැඩි වීම දේශීයව නිෂ්පාදනය කරන කිරිපිටි සඳහා බලපාන්නේ නැහැ