(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු සඳහා ගොස් සිටින ධීවරයන්ට වහාම එම මුහුදු ප්‍රදේශයෙන් ඉවත්ව ආරක්ෂිත ප්‍රදේශයකට යන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ධීවරයන්ට උපදෙස් ලබාදෙයි.
පුත්තලම සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 55 සිට 65 දක්වා ඉහළ යා හැකි බවත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එමෙන්ම, මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බැවින් ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසට එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාව වෙත විශේෂ දැනුම්දීමක් සිදුකරයි.








