(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (02) සිට බෙංගාල බොක්ක ආශ්‍රිත රළු ස්වභාවයක් තිබීම හේතුවෙන් එම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතව සිටින ධීවරයින්ට වහා ආරක්ෂිත මුහුදු ප්‍රදේශයක් කරා ගමන් කරන ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ
බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේ සුලගේ වේගයද ක්ෂණිකව ඉහල යා හැකි බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අධ්‍යක්ෂ පත්මප්‍රිය තිසේරා මහතා සඳහන් කරයි.








