(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා අද (02) යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ පැවති නිදහස් සන්ධාන රජය සමයේදී ඇවන්ට්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩදීමෙන් මූල්‍යමය පාඩුවක් සිදුකල බවට වන චෝදනාවට අදාලවයි.
පසුගිය 18 වනදා ඔහු ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය කළ දැනුම්දීමකට අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියෝග කළේය.
සමන් දිසානායක මහතා අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් යම් හෙයකින් එදිනට ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් රෝගී තත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබේ.








