(ෆාස්ට්නිව්ස් |කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කෙරෙන පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව අගෝස්තු 06 වනදා යළි රැස්වේ.
එහි සාමාජික එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ,නීතිය හා සාමය විෂය භාර අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ රංජිත් මද්දුම බණ්ඩාර, සාගල රත්නායක හා වත්මන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන යන මහත්වරුන් එදින තේරීම් කාරක සභාව හමුවට කැඳවා ඇති බවයි.








