FAST NEWS

24×7 Around the Globe

දෙවන පාසැල් නිවාඩුව දීර්ඝ වන පාසැල් මෙන්න

(ෆාස්ට්නිව්ස්| කොළඹ) – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු පාසල් 39 කදී අගෝස්තු 15 වන දින සිට අගෝස්තු 20 වන දින දක්වා සිදු කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඇගයීම් මණ්ඩල 436 ක් යටතේ ගුරුවරුන් 6976ක් ඊට සහභාගීත්වයෙන් සිදු වෙනු ඇත.

මේ අතර, 2018 අ.පො.ස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අදියර තුනක් යටතේ ආරම්භ කිරීමට නියමිතය.

එහි පළමු අදියරේ කටයුතු 2019 අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 13 දක්වා ඇගයිම් මණ්ඩල 498 ක දී ගුරුවරුන් 8466 කගේ සහභාගීත්වයෙන් සිදුවේ.

මේ කාලය තුළ වසා තැබෙන පාසල් සංඛ්‍යාව 26 කි.

එම පාසල් මෙම වසරේ තෙවන වාරය සඳහා 2019 සැප්තැම්බර් 16 වන දින නැවත ආරම්භ වීමට නියමිතය.

අ.පො.ස. උසස් පෙළ විභාගයේ පළමු අදියරෙහි ඇගයිම් කටයුතු සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු සඳහා යොදා ගනු ලබන පාසල් වල ලේඛනය මෙසේයි.