FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික අංශ වලටත් වැටුප් වැඩි කළ යුතුයි – මහින්ද රාජපක්ෂ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (01) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.

2019 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවකයින්ට රුපියල් 2,500 කින් වැටුප් වැඩිකිරීම සිදුවුවද අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිවී නොමැති බවත් , මීට පෙර පැවති රජයන් වැටුප් වැඩිකිරීම් සිදු කිරීමේදී අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිවීම් සිදුවූ බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා,

“ 2019 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් 2,500 ක මාසික දීමනාවක් ලබාදුන්නද අර්ධ රාජ්‍ය ආයතන වන සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල , අධීකාරි යන ආයතනවල සේවකයින් සඳහා එම මුදල ලබා නොදීමෙන් බරපතළ අසාධාරණයක් සිදුව තිබෙනවා. මෙම අසාධාරණය නිවැරැදි කරන ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිනවා.

අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින්ට මෙම රුපියල් 2,500 මාසික දීමනාව ලබානොදෙන්නේ මන්දැයි ආණ්ඩුව කරුණු පැහැදිලි කළ යුතුයි. 2019 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමේදී රාජ්‍ය අංශයේ සේවක පිරිස්වලට රුපියල් 2,500 ක මාසික දීමනාවක් 2019 ජුලි මස සිට ලබාදීමට අනුමැතිය ලැබී තිබෙනවා. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන අංක 9/2019 අනුව ඔවුන්ට ගෙවීම් කටයුතු සිදුකර තිබෙනවා. මෙම දීමනාව රජයේ සේවකයින්ට පමණක් ලබාදීමට මෙවර ක්‍රියාත්මක කළත් රාජ්‍ය සංස්ථා ඇතුළු අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින්ට එකී වැඩිවීම් ලබාදීමට මීට පෙර සිටි සෑම රජයක්ම කටයුතු කර තිබෙනවා. මීට අමතරව අයවැය යෝජනාවක් අනුව රජයේ සේවකයින්ගේ වැටුප වැඩි කිරීමකදී එම ප්‍රමාණයම නැතත් යම් ප්‍රමාණයකින් හෝ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමටද මීට පෙර අප නියෝජනය කළ ආණ්ඩු කටයුතු කර තිබෙනවා.