(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මරණ දණ්ඩනය අහෝසි කිරීම සහ ආනුෂාංගික විධිවිධාන සැලැස්වීම පිනිස වූ පනත් කෙටුම්පත එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (01) ඉදිරිපත් කරනු ලැබුවේය.
මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් වූයේ පෞද්ගලික මන්ත්‍රීවරයෙකුගේ පනත් කෙටුම්පතක් ලෙසටයි.
මෙම පනත ක්‍රියාත්මක වීමට පෙර යම් පුද්ගලයෙකු මරණයෙන් දඬුවම් කර ඇති වරදක් සිදුකර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් අධිකරණයකින් දඬුවමක් නියම කොට නොමැතිනම් එම පුද්ගලයා ජීවිතාන්තය දක්වා සිර දඬුවමකින් දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති පුද්ගලයෙකු ලෙස සැලකිය යුතු ලෙසද එහි සදහන් කර තිබේ.








