FAST NEWS

24×7 Around the Globe

ඇසළ පෙරහැරේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 7000 ක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් ඇතුළුව පොලිස් නිලධාරීන් 7000 ක් යෙදවීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

මෙවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය හෙට (02) දිනයේ සිට ආරම්භ විමට නියමිතව ඇත.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ හෙට අළුයම කප් සිටුවිමෙන් මෙවර ඇසල පෙරහැර ආරම්භ වන බවයි.