FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරණයේ නිදහස් පක්ෂ තීන්දුව සැප්තැම්බර් 02 – මහින්ද අමරවීර

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනු ලබන තීරණය ලබන සැප්තැම්බර් 02 වනදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පක්ෂ සමුළුවේදී ප්‍රකාශයට පත් කරන බව නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර ප්‍රකාශ කළේය.

ඒ අද (01) පෙරවරුවේ නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ද එක්ව සිටියේය.