FAST NEWS

24×7 Around the Globe

කුවේට්හි අවතැන් වූ ලාංකික ශ්‍රමිකයින්ට සහන ලබාදීමට කටයුතු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කුවේට් රාජ්‍යයේ අවතැන් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 57 දෙනාට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙතින් සහන ලබාදීමට රජයේ අවධානය යොමුවේ.

එසේම ඔවුන්ගේ අවශ්‍යතා සොයා බැලීමට කුවේට් තානාපති කාර්යාලය විසින් පූර්ව දැනුම්දීමක් කර තිබේ.

පසුගිය ජූලි 29 වනදා කුවේට්හි විවිධ කරදර වලට ලක්වූ ශ්‍රී ලංකික ශ්‍රමිකයන් යූ .එල්. 230 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණියා.

 මෙහිදී අසනීප තත්ත්වයෙන් පැමිණි කාන්තාවන් 11 දෙනෙකු සිට ඇති අතර ඉන් එක් අයෙකු රෝහල් ගත කරන ලදී.

අනෙකුත් අය ගුවන්තොටුපල වෛද්‍ය මධ්‍යස්ථානය හරහා පරීක්ෂාවෙන් අනතුරුව සිය ඥාතීන්හට භාරදී ඇත.

තවත් කාන්තාවන් 20 දෙනෙකුට සිය ගමනාන්තය දක්වා අවශ්‍ය ප්‍රවාහන ගාස්තු ගෙවා සිය නිවෙස්කරා යාමට සළසා දී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.