(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට අද (01) දිනයේත් පස්වරු 1.00 ට රැස්වීමට නියමිතව ඇත.
අද (01) දිනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජගත් නිශාන්ත මහතා සාක්ෂි ලබාදීමට පැමිණීමට නියමිතය.
එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් ද සාක්ෂි ලබාදීමට නියමිතව ඇත.








