FAST NEWS

24×7 Around the Globe

ග්‍රාම නිලධාරීන් අද (01) සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (01) දිනයේ සිට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාවට අදාල රාජකාරීවලින් ඉවත් වෙමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් එකමුතුව තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා සඳහන් කළේ අදාල වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ පළමු පියවර වශයෙන් ජාතික හැදුණුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව සදහා වන කටයුතු වලින් අද සිට ඉවත් වන බවය.

එසේම , තමන්ගේ ඉල්ලීම් පිළිබඳව බලධාරින් අවාධානය යොමු නොකරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවත් සුමිත් කොඩිකාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.