FAST NEWS

24×7 Around the Globe

එජාපයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (01)

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ)  – එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (01) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත.

ඉදිරි මැතිවරණ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ගොඩනගන නව සන්ධානය පිළිබද සාකච්ඡා කිරිම අරමුණු කර ගනිමින් මෙම විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම කැඳවා ඇති බව පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා කියා සිටියේය.